July 2018


Tuesday, July 10, 2018

චක්‍ර භාවනා


සමථ භාවනා යන්න බෞද්ධයන්ට පමණක් උරුම වූ භාවනා ක්‍රමයක් නොවන බව මින් පෙර ලිපියේ සඳහන් කිරීමට යෙදුනි.

හින්දුන් අතර ප්‍රචලිත ප්‍රානයාම මූලික චක්‍ර භාවනා ක්‍රමය යුරෝපයේ වර්ථමානයේ වඩා ප්‍රචලිත වෙමින් පවතියි. කෙසේ වුවද නිසි ගුරු ඇසුරක් නොමැතිව කිනම් මට්ටමකින් වුවද චක්‍ර භාවනා කිසිවක් නොකල යුතුම වන්නේය.

මෙම  සඳහන් කරන්නේ කිසිදු හානියකින් තොරව වැඩීමට හැකියාව ඇති පරිකම්ම භාවනා ක්‍රම කිහිපයක් පමණි.

"ඔමි"
හින්දූන් අතර පුරාණයේ සිට පැවත එන ධ්‍යාන වැඩීමේ ක්‍රමයක් ඇත. ඔවුන් ඒ සඳහා මුලික පරිකම්ම වචනය වශයෙන් “ඔමි” කාරය භාවිතා කරති.

ඔම් යන්න සජ්ජායනා කරමින් හා සිතින් මනසිකාර කරමින් ඔවුහු භාවනා කරති. ධ්‍යාන අතර වචන මාත්‍රයේ ඉපදවිය හැකි ධ්‍යාන පවතියි. එසේම ශුද්ධ මනෝ සංඥාවන් තුල ඉපදවිය හැකි ධ්‍යාන ද පවතියි. උදාහරණ ලෙස බෞද්ධයන්ගේ පිළිකුල් සංඥාව දැක්විය හැක.

බොහෝ විට වචන මාත්‍රයේ ධ්‍යානයක් උපදවාගන්නා අයෙකුට කිනම් වචන මාත්‍රයක වුවද ධ්‍යානයක් උපදවා ගැනීමේ ශක්තිය ලැබිය හැකිය.

මේ ආකාරයෙන් ඔම් කාරය තුලද ධ්‍යාන ඉපදීමේ හැකියාවක් ඇත. ඒබැවින් යමෙක්ට “ඔම්” යන වදන මූලික භාවනා අභ්‍යාසයක් වශයෙන් භාවිතා කල හැක..

එසේ “ඔම්” කාරය තුල සිත සමාහිත කිරීමට සිතනා යෝගාවචරයා පළමුව සුදුසු ඉරියවිවකන් හිඳගත යුතුය. අනතුරුව  නවගුන වැල ගෙන “ඔම්” කාරය කටින් සජ්ජායනා කරමින් භාවනා කල යුතුය.

එය ප්‍රගුණවූ කලෙකදී ඔම්කාරය සිතින් කියමින් භාවනා කල යුතුය. භාවනාව ප්‍රගුණවන අවස්ථාවදී යමිසේ මුවින් වචන පිටවනවාටත් වඩා සුපැහැදිලි ලෙස සිතින් වචන උච්චාරණය කල හැකි බව යමෙකුට අත්දැකිය හැක.

බීජ මන්ත්‍ර
මීට අමතරව හින්දූන් විවිධ දෙවියන් සමිබන්ධ බීජ මන්ත්‍රයන් ධ්‍යාන පිණිසත් සිත එකඟ කිරීම පිණිසත් යොදාගනිති. කිසිදු භාධාවකින් තොරව එබදු වචන මාත්‍රයේ වුවද හැකියාව ඇති අයෙකුට ධ්‍යානයක් උපදවා ගැණිමට හැකියාවක් ඇත.

උදාහරණ වශයෙන්
ඔමි ගමිගන පථයේ නමහඃ

ඔමි ශ්‍රීමි රීමි සරස්වත්‍යයෙයි නමහඃ

යනාදී වශයෙන් වන්නාවූ ඒ ඒ දෙවියන් සම්බන්ධයෙන් ධ්‍යාන කල යුතු බවට හින්දූන් විසින් නිර්දේශිත බීජ මන්ත්‍රයන් රාශියක් ඇත. එම බීජ මන්ත්‍රයක් වුව ද ගෙන යමෙකුට භාවනා කල හැක.

නැතහොත් “ඔම්”කාරය මෙන්ම චක්‍ර භාවනාවන් හි චක්‍ර කමිපිත කිරීමට උපයෝගී කරගන්නා 
  LAM”- chakra 1 (root) මූලාධාර චක්‍රය ලං
යන බීජාක්ෂර වුවද යමෙකුට භාවනා කිරීමට උපයොගී කරගත හැක.

චක්‍ර භාවනාවන් වැඩීමෙන් කල හැකි දෑ බොහෝය. මූලාධාර චක්‍රය විවර කර ගන්නා අයෙකුට නිරෝගී බවත් රෝග සුවකිරීමේ හැකියාවත් ඇතිකරගත හැක. කුණ්ඩලිණී ශක්තිය යම් පමණකට හෝ ආඥාායි චක්‍රය දක්වා නංවාගත හැකි අයෙකුටට ඇසට නොපෙනෙන අමනුශ්‍යන් දර්ශනය වීමටන පටන් ගනු ඇත. මේ ආකාරයට නොපෙනෙන ලෝකයෙන් බොහෝ වැඩ ගැනීමට මෙම චක්‍ර භාවනාවන් උපයෝගී කරගත හැක..
----------------------------------------------------------------------------------


සියළුම අමනුෂ්‍ය රෝග සුව කිරීම, අනවශ්‍ය අමනුෂ්‍ය ආවේශ ඉවත් කිරීම, වරම් පිරිසිඳු කිරීම, වරම් ලබා දීම, සියළු අමනුශ්‍ය විණ කැපීම, පුද්ගල/නිවාස/භූමි ආරක්ෂාවන් කිරීම, ආකර්ෂණ/ආරක්ෂණ/වශී/ තෙල් යන්ත්‍ර සකස් කිරීම කේන්ද්‍රය පරීක්ෂා කර පලාපල කථනය, සුදුසු මැණික් නියම කරවා ගැනීම (මණි මංගල), රුද්‍රාක්ෂ පැළදවීම, දේව පුජා හා සියලුම ශාන්තිකර්ම සඳහා විමසන්න. (පේන කියනු නොලැබේ.)


භාවනා හා අමනුෂ්‍ය දෝෂ ප්‍රශමනය


චක්‍ර භාවනා යන නාමයට බොහෝ දෙනෙකු ප්‍රිය කරනුයේ  එය සමග ඇති විශ්ව ශක්තීය සමිබන්ධතාවය හේතුවෙනි. පැහැදිලි වශයෙන්ම චක්‍ර භාවනා යනු හින්දු භාවනා ක්‍රමයකි. එය බෞද්ධ්‍යන්ගේ ධ්‍යාන භාවනා ක්‍රමයෙන් වෙනස්වන නමුත් එයද සමාධි භාවනා ක්‍රමයකි. ශිව දෙවියන්ගේ දායාදයක් වශයෙන් සලකනු ලබන මෙම චක්‍ර භාවනා ක්‍රමය අමනුශ්‍ය දෝෂ ප්‍රශමනයට යොදාගත හැක. මෙහි ආරම්භක චක්‍රය වන මූලාධාර චක්‍රයේ අධිපති බව ගණපති දෙවියන් දරන අතර 04 වන චක්‍රය වන අනාගත චක්‍රයේ අධිපති බව ඊශ්වර දෙවියන් දරනු ලබයි.

මෙම භාවනාව ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වන අයෙකුට හිින්දු තන්ත්‍රයන්ගේ සදහන් වන ගැඹුරු විග්‍රහයන්ගෙන් තොරව තේරෙන සිංහලෙන් එය කල හැකි ආකාරය මෙතැන් සිට දැක්වීමට අදහස් කරණු ලැබේ. 

අන් සෑම කරුණකදීම මෙන්ම චක්‍ර භාවනාවන් පිළිබදව සදහන් කිරීමේ දීද පළමුව උගත යුතු හා ධාරණය කරගත යුතු කරුණු  කිහිපයක් ඇත. එබැවින් පළමුව ඒ පිළිබදව සරලව ප්‍රකාශ කරණු ලැබෙයි.

01) චක්‍ර භාවනාවන් හා බෞද්ධ භාවනා ක්‍රමයන් මූලයේ සිටම වෙනස් බවින් යුතු වෙයි. එබැවින් චක්‍ර භාවනා වඩන අයෙක් ඒවා බෞද්ධ භාවනා ක්‍රමයන් හා මිශ්‍ර කර කිසි විටකත් නොවැඩිය යුතුය.

02) මිනිසාගේ  භෞතික ශරීරය හා චිත්ත ශක්තිය සම්මිශ්‍රණයෙන් චක්‍ර භාවනාවන් වැඩීම සිදු කරනු ලබයි.

03) මිනිසාගේ ශරීරයේ කොදු ඇට පෙලේ මුල සිට භ්‍රහ්ම හෘදය යැයි හදුන්වනු ලබන හිසේ මුදුන දක්වා ස්ථාන 07 ක නාඩි චක්‍රයන් 07 ක් පිහිටා ඇත.

04) මෙම නාඩි චක්‍ර ආයුර්වේදයේ පවා විස්තර කර ඇති අතර සමස්ථ මිනිස් ශරීරයේ ක්‍රියාවන් පාලනය කරන ස්නායු ආවේග මෙකී නාඩි චක්‍රයන් මගින් පාලනය කරණු ලබයි. තවද සමස්ථ ශරීර ක්‍රියාවලියද මෙම සත් චක්‍රයන් මගින් සිදුකරනු ලබයි.

05) ආයුර්වේදීය දෘෂ්ටිකොණයෙන් ගත් විට මෙකී නාඩි වලයන් මත ක්‍රියාකරන ඖෂධ වර්ග ඇති අතර ශරීරයේ ඇතිවන රෝගකාරී තත්වයන් වලදී ත්‍රීදෝෂ වාදයට අනුව මෙම නාඩිවලයන් ඇසුරුකරන වාත - පිත්ත - කඵා දී ත්‍රී දෝශයන් යාමනය කර නිරෝගී භාවය ඇතිකරගත හැක.

06) එබැවින් නූතන බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ ශරීර වර්ගීකරණය කෙසේ වුව ද මෙම නාඩි චක්‍රයන් ශරීරය යන්ත්‍රයේ සත්‍ය වශයෙන් පවතින භෞතික තත්වයක් වශයෙන් අවබෝධ කල යුතුය.

07) වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මෙම නාඩි චක්‍රයන් යනු සමස්ශථ ශරීරයේ ජෛව රසායනික ක්‍රියාකාරකම් සදහා උපයෝගි වන්කෙනාවූ කේන්ද්‍රස්ථාන 07 වශයෙන් හදුන්වාදිය හැක.

08)මේවා පිළිවලින් මූලාධාර චක්‍රය, ස්වදිෂ්ඨාන චක්‍රය, මණිපුරි චක්‍රය, අනාහත චක්‍රය, විශුද්ධි චක්‍රය, ආඥායී චක්‍රය හා සහශ්‍ර චක්‍රය වශයෙන් සත් ආකාර වෙයි.
----------------------------------------------------------------------------------

සියළුම අමනුෂ්‍ය රෝග සුව කිරීම, අනවශ්‍ය අමනුෂ්‍ය ආවේශ ඉවත් කිරීම, වරම් පිරිසිඳු කිරීම, වරම් ලබා දීම, සියළු අමනුශ්‍ය විණ කැපීම, පුද්ගල/නිවාස/භූමි ආරක්ෂාවන් කිරීම, ආකර්ෂණ/ආරක්ෂණ/වශී/ තෙල් යන්ත්‍ර සකස් කිරීම කේන්ද්‍රය පරීක්ෂා කර පලාපල කථනය, සුදුසු මැණික් නියම කරවා ගැනීම (මණි මංගල), රුද්‍රාක්ෂ පැළදවීම, දේව පුජා හා සියලුම ශාන්තිකර්ම සඳහා විමසන්න. (පේන කියනු නොලැබේ.)

Sunday, July 8, 2018

භූත විද්‍යාව


පුරාතනයේ පටන් අද දක්වාම විවිධ අමනුශ්‍ය කොට්ඨාශයන් පිළිබඳව මිනිස් ප්‍රජාව තුල විවිධ මති මතාන්තර, විශ්වාස හා ඇදහිලි ක්‍රම පැවත ඇත. ඒවා කෙතෙක් දුරට ව්‍යාප්තව පවතින්නේදැයි සොයා බැලුව හොත් පුරාතන ග්‍රීසියෙන් පටන් ගත් විට යුප්‍රටීස්-ටයිග්‍රීස්, මෙසෙපොටේමියානු, ඉන්දු නිමින සිෂ්ටාචාරයන් දක්වා මෙන්ම බුදුන්වහන්සේ වැඩ සිටි ක්‍රි.පූ 6 වන සියවයසට පෙර මෙන්ම ඉන් පසුවට ද ව්‍යාප්ත වී ඇත. 

බෞද්ධයන්ට දෙවියන් හෝ අන් අමනුශ්‍ය කොට්ඨාශ ඇති බව විශ්වාස නොකර බෞද්ධයෙකු විය හැකි ද? 
සරල කරුණු කිහිපයකින් මේ කරුණ වටහා ගත හැක. ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ සඳහන් මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණිය මෙත්ත සූත්‍රය සහ තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පමණක් වුවද මෙම කරුණ වටහාගත හැක. මෙහි මංගල සූත්‍රය දේශනා කරන ලද්දේ දෙවියන් අතර මංගල කරුණු පිිළිබඳව ඇතිවූ සැක දුරුකරණු සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් දේව පුත්‍රයෙකු වෙතය. රතන සූත්‍රය දේශනා කරන ලද්දේ විශාලා මහනුවර ඇතිවූු රෝ බිය, අමුනුශ්‍ය බිය, මරණ බිය දුරු කිරීම පිණිසය, කරණිය මෙත්ත සූත්‍රය දේශනා කරන ලද්දේ 500ක් භික්ෂුන් වහන්සේලාට භාවනාව සඳහා දෙවියන්ගෙන් ඇතිවූ බාධාවන් දුරු කිරීම පිණිසය. තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ පවසන්නේ මිය ගිය ඤාාති ප්‍රේතයන්ට පුණ්‍යානුමෝදනා කල යුතු බවත් ඔවුන්ට එම පින් අනුමොදනා වන බවත්ය.ම මෙයට අමතරව මහා සමය සූත්‍රය, මහා මංගල සූත්‍රය, වැනි ප්‍රසිද්ධ සූත්‍ර ගණනාවක මෙන්ම ත්‍රිපිටකයේ 84000 ක් ධර්මස්ඛන්ධයෙන් විශාල ප්‍රමාණයක අඩංගුව ඇත්තේ දෙව්, බඹුන් පිළිබඳ විස්තරය.

මේ අනුව සලකා බැලීමේ දී බෞද්ධයෙකුට කිසිදු විටෙක අමනුශ්‍යයන්ගේ ඇති බව හෝ, මිනිස් ප්‍රජාව කෙරෙහි ඔවුනගේ බලපෑම් ඇති බව බැහැර කල නොහැක. ත්‍රිපිටකයේ කරජකාය වග්ගය ඇතුලු බෝහෝ ස්ථානයන්හි සඳහන්ව ඇති දස වස්තුක සම්‍යක්දෘෂ්ටියේ පවා "අත්ථි සත්තා ඕපපාතිකා" ලෙස" ඔිපපාතිකව උපදින අමනුශ්‍යයන් ඇති බවට බෞද්ධයෙකු අනිවාර්‍ය සම්මා දිටිඨියක් ඇතිකරගත යුතු බව දක්වා ඇත. 

මේ අනුව බෞද්ධයෙකු යැයි කියා ගන්නා අයෙක් දෙවියන් ආදී අමනුශ්‍ය කොට්ඨාශ ඇති බව ප්‍රතික්ෂේප කරයි නම් තවදුරටත් ඔහු කිසිදු විටක බෞද්ධයෙකු විය නොහැක්කේ ඔහුගේ තර්කය ඉදිරියේ ත්‍රිපිටකය ඇතුලු සමස්ථ බුද්ධ දේශනය බිඳවැටෙන බැවිනි.

හින්දු දහම, කතෝලික දහම, මුස්ලිම් දහම්, ආදී ආගම් දේව වාදී ආගම් බැවින් ඔවුන් අතර දෙවියන් පිළිනොගන්නා එබඳු ආගමිකයින් සිටිය හැකිද? මෙලෙස අමනුශ්‍යාදීන්ගේ පැවැත්ම පිළිනොගන්නා පුද්ගලයන් හදුන්වනු ලබන්නේ භෞතික වාදීන් ලෙසය. මෙබඳු භෞතික වාදීන් විශ්වාස කරණුයේ ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රීයන්ට ගෝචර වන්නාවූ තත්වයන් පමණි. මෙලෙස පංච ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ නොවන දෑ ඔවුන් බැහැර කරති. මොවුන් ආගම් විරෝධින්ගේ සිට දේශපාලන දර්ශනයන් අනුගමනය කරන්නන් දක්වා ව්‍යාප්ත වන බව දැකිය හැක.

මොවුන්ගේ මානසික තත්වය ඉතා පහසුවෙන් නිවැරදි නොවන බව ඔප්පු කල හැක. මිනිස් ඇසෙහි අවම විභේදන සීමාව මිලිමීටර 1 කි. එනම් මිලි මීටර 1 ක කට වඩා කුඩා වස්තූන් පියවි මිනිස් ඇසින් දැකිය නොහැක. ඇසේ පෙනීම එසේ වුවද අන්වීක්ෂයක් ගෙන බලන තැනැත්තෙක්ට විශ්වයේ විිහිදී විසිරී ඇති අංශු මාත්‍ර ශුද්‍ර ප්‍රාණින් දැකිය හැක. අන්චීක්ෂය ප්‍රභල වත්ම එසේ දැකිය හැකි වඩාත් කුඩා ශුද්‍ර ප්‍රානින් ගණනද වැඩි වනු ඇත. යම් කලෙක මෙලස දැකිය හැකි ශුද්‍ර ප්‍රානින් ගණන නිපදවිය හැකි ප්‍රබලතාවයෙන් වැඩි අන්වීක්ෂයේ බලය මගින් සීමා කරනු ඇත.

එබැවින් ඇස හෝ අන්වීක්ෂය යනු සියයට 100 ක් නිවැරදි වස්තූන් නොව සත්‍ය තත්වය සීමා සහිතව පෙන්නුම් කරණ උපකරණ පමණි. නමුත් යථාර්තය ඉන් එහා නිරුපද්‍රිතව පවතිනු ඇත. එබැවින් ඉහත සරල උදාහරණයෙන් පමණක් වුවද භෞතික වාදීන්ගේ හිස් ආකල්ප බිද දැමිය හැක..

එබැවින් බුද්ධිමතුන්ට බුද්ධිමත් තීරණගත හැක.

සියළුම අමනුෂ්‍ය රෝග සුව කිරීම, අනවශ්‍ය අමනුෂ්‍ය ආවේශ ඉවත් කිරීම, වරම් පිරිසිඳු කිරීම, වරම් ලබා දීම, සියළු අමනුශ්‍ය විණ කැපීම, පුද්ගල/නිවාස/භූමි ආරක්ෂාවන් කිරීම, ආකර්ෂණ/ආරක්ෂණ/වශී/ තෙල් යන්ත්‍ර සකස් කිරීම කේන්ද්‍රය පරීක්ෂා කර පලාපල කථනය, සුදුසු මැණික් නියම කරවා ගැනීම (මණි මංගල), රුද්‍රාක්ෂ පැළදවීම, දේව පුජා හා සියලුම ශාන්තිකර්ම සඳහා විමසන්න.  (පේන කියනු නොලැබේ.)