May 2018


Sunday, May 6, 2018

අෂ්ටාංග ආයුර්වේදය


අෂ්ටාංග ආයුර්වේදයේ 8 වන අංගය ලෙස භූත විද්‍යාව සඳහන් කර ඇත. 
"භූත විද්‍යා නාම දේවාසුරගාන්ධර්ව යක්ෂ රාක්ෂ: පීතෘ පිෂාච නාග ග්‍රහද්‍යුපසෘෂ්ට චේතසාං ශාන්තිකර්ම බලිහරණා දී ග්‍රහෝපශමනාර්ථං"

මෙහි අර්ථය වනුයේ භූත විද්‍යාව යනු; දේව, අසුර, ගාන්ධර්ව, යක්ෂ, රාක්ෂ, පීතෘ පිසාච, නාග, ආදී ග්‍රහ ආක්‍රමණ සඳහා යොදනු ලබන ශාන්ති කර්ම බලි හැරීම ආදිය තුලින් රෝග නිවාරණය කිරීමයි.

ආයුර්වේදයේ වෘර්ධත්‍රයට අයත් වන්නාවූ සුස්‍රැත සංහිතාව රචනා වූයේ බුද්ධ කාලය වන ක්‍රි.පූ. 6 වන සියවසටත් පෙරය. ඒ අනුව එකල පවා රෝග සුව කල හැකි ක්‍රමයක් ලෙස භූත විද්‍යාව යොදාගෙන ඇති අතර අදට ද සාර්ථක ප්‍රතිපල ලබා ගත හැක.

විනය පිටකයේ සඳහන් පරිදි එක්තරා අමනුශ්‍යයෙක් ආවේස වු භික්ෂුවක් ඌරන් මරනා ලොඹුවට ගොස් අමු මස් ද කා අමු ලේ ද පානය කරන ලදි. එයින් ඒ භික්ෂුව සුවපත් වූ අතර, පසුව එම භික්ෂුව අන් ස්වාමින් වහන්සේලා විසින් බුදු රජාණන් වහන්සේ හමුවට පමුණුවන ලදි. එහිදී බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ අමනුශ්‍යාභාධයේ මාංශ, ලේ ආදිය අනුභවය අනුදැන වදාරන බවය. එහිදී ලේ හා මාංශ භික්ෂුවගේ ශරීරයට ආරෑඩ වූ අමනුශ්‍යා විසින් කන ලද හෙයින් භික්ෂුවට ඇවැත් නැති බව බුදුරජාණන් වහන්සේ විසින් පවසන ලදි.

මෙහි දී බුදුරජාණන්වහන්සේ පවා භූතවිද්‍යානුබද්ධ රෝග නිවාරණ ක්‍රම අනු දැන ඇති බව මෙයින් පැහැදිලි වේ.

පුරාතන ශ්‍රී ලංකාවේ වෛද්‍යක්‍රමයේ ද භූත විද්‍යාව ප්‍රධාන තැනක් ඉසිලීය. සිංහල වෛද්‍යක්‍රමයට අනුව තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග කර්ම විපාකජ රෝග ආදී රෝග විභේදනයන් හැරුන විට අමනුශ්‍යයන් ශරීරයට ඇතුලු වීමෙන් ඇතිවන රෝගයන් විශේෂයෙන් හදුනාගන්නා ලදි.

පෙර භූත වෛද්‍යවරයා වශයෙන් හදුන්වනු ලැබූ වෛද්‍යවරයා සතුව තිබූ මෙම වෛද්‍යකර්මය වර්තමානයේ කපුමහතා හා කට්ටඩි මහතාතා යනුවෙන් හදුන්වනු ලබන අය විසින් කරනු ලබයි. 

බටහිර වෛද්‍යක්‍රමයෙන් හෝ ආයුර්වේදයෙන් සුවපත් කල නොහැකි බොහෝ රෝග පීඩා හා මානසික රෝග ලෙස හංවඩුගසනු ලබන බොහෝ රෝගයන් මෙම භූත විද්‍යාවෙන් නිට්ටාවට සුව කල හැක.

සියළුම අමනුෂ්‍ය රෝග සුව කිරීම, අනවශ්‍ය අමනුෂ්‍ය ආවේශ ඉවත් කිරීම, වරම් පිරිසිඳු කිරීම, වරම් ලබා දීම, සියළු අමනුශ්‍ය විණ කැපීම, පුද්ගල/නිවාස/භූමි ආරක්ෂාවන් කිරීම, ආකර්ෂණ/ආරක්ෂණ/වශී/ තෙල් යන්ත්‍ර සකස් කිරීම කේන්ද්‍රය පරීක්ෂා කර පලාපල කථනය, සුදුසු මැණික් නියම කරවා ගැනීම (මණි මංගල), රුද්‍රාක්ෂ පැළදවීම, දේව පුජා හා සියලුම ශාන්තිකර්ම සඳහා විමසන්න. (පේන කියනු නොලැබේ.)